Gossip

මුම්බායි වැසියෙකු වූ ජපන් තානාපති…

ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි මුම්බායි ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

එහි විශේෂත්වය වන්නේ එය හුදෙක් පෞද්ගලික සංචාරයක් පමණක් වීමයි.

ඔහු තනිව ඉන්දියාවේ කරන ආකාරය දැකගත හැකි විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තානාපතිවරයා සාමාන්‍ය මුම්බායි වැසියෙකු මෙන් ගමන් කළ බවයි.

එහිදී ඔහු මුම්බායි හි සාමාන්‍ය දුම්රියක ගමන් කර ඇති අතර දුම්රියේ දොරටුව අසල සිටගෙන සිටින ඡායාරූපයකට ද පෙනී සිට තිබෙනවා.

ඔහු එය සිය ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ “I’m in Mumbai” ලෙසයි.

එමෙන්ම ඉන්දියාවේ ජපන් තානාපති හිරෝෂි සුසුකි සිය මුම්බායි සංචාරය අතරතුර එහි සාමාන්‍ය පොදු වෙළඳපලේ සංචාරය කිරීම ද විශේෂත්වයක්.

එහිදී ඔහු මුම්බායිහි පොදු පෙළඳපලක් තුළ අලෙවියට තබා තිබූ රුපියල් 100 ක් ලෙස මිල සටහන් කර ඇති කමිස නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

ඔහු එම ඡායාරූපය සිය ට්විටර් ගිණුමට ද එක් කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!