Gossip

ජාත්‍යන්තර යෝගා උත්සවයට ඉන්දියාව සැරසෙයි…

යෝගා සහ භාවනා පිළිබඳ ජාත්‍යන්තර උත්සවය ජුනි 20 සිට 27 දක්වා ඉන්දියාව පැවැත්වීමට මේවනවිට සියළු කටයුතු සූදානමින් තිබේ.

එය සංවිධාන කරන්නේ මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විසින්.

සුන්දර කාශ්මීරයේ ලඩාක් ප්‍රදේශය ලොව පුරා සිටින භාවනාවට කැමති පිරිස පිළිගැනීමට සූදානමින් සිටියි.

යෝගා සහ භාවනා සඳහා උනන්දුවක් සහ කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා ඇති බව මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය පවසයි.

ජුනි 21 වන දිනට යෙදෙන 09 වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව මෙම යෝගා සහ භාවනා වැඩසටහ පැවැත් වේ.

ලොව ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයින්, යෝගීවරුන්, භාවනා ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, විද්‍යාඥයින්, සාම ක්‍රියාකාරීන්, විද්වතුන්, සමාජ නායකයින් සහ ලඩාක්හි සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ජාත්‍යන්තර උත්සවය සඳහා සහභාගී වන බව මේවනවිටත් තහවුරු කර තිබේ.

ඒ සඳහා සහභාගී වීමට කැමති ජාතික සහ ජාත්‍යන්තර පසුබිමේ ඕනෑම සහෘදයෙකු සාදරයෙන් පිළිගන්නා බව ඉන්දියාව පවසයි.

මෙම වැඩසටහන හරහා, ලොව පුරා සිටින සෑම තරාතිරමකම ජනතාව එක්රැස් වෙමින්, සංස්කෘතික අවබෝධය සහ අපගේ උරුමයන් සුරැකීම සම්බන්ධයෙන චින්තනයෙන් පෝෂණය වීම සංවිධායකයින්ගේ අපේක්ෂාව වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!