Gossip

G20 නිසා ඉන්දියාවම සැණකෙලියක් වෙයි…

G20 ට අදාළ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම හා එහි සම්මන්ත්‍රණ මේවනවිට ආරම්භ වී තිබේ.

ප්‍රතිවිරුද්ධ පාර්ශවවලින් එල්ල වූ බාධා මධ්‍යයේ වුව ද කාශ්මීරය G20 සඳහා ප්‍රභල දායකත්වයක් දක්වයි.

G20 නිසා මේ දිනවල ජම්මු සහ කාශ්මීරය සැණකෙලියකනසිරිය ගෙන තිබේ.

G20 සඳහා ශ්‍රීනගර් වෙත පැමිණෙන ජාත්‍යන්තර ප්‍රජාවට සුන්දර කාශ්මීරයේ අසිරිය පමණක් නොව ඉන්දියාවේ ආහාරපාන වල රසය භුක්ති විඳීමටද අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රීනගර්හි ෂෙර් -ඉ-කාශ්මීර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ (SKICC) විදේශීය නියෝජිතයින් සඳහාම වෙන්වූ විශේෂ ආහාර අලෙවිසැලක් ස්ථාපිත කර ඇත.

එහි විශේෂත්වය වන්නේ ඉන්දියානුවන්ටම ආවේණික වූ මෙනේරිවලින් සකසන ලද ආහාර වර්ග සඳහාම වෙන්වූ ස්ථානයක් එහි පිහිටුවා තිබීමයි.

එය G20 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශීය අමුත්තන්ට හිමිවන විශේෂ අවස්ථාවක් බව බලධාරීන් පෙන්වා දෙයි.

අමුත්තන්ගේ ඉල්ලීම අනුව ඉන්දියානු ආහාර පාන විවිධ වර්ගයෙන් සකසා දීමට එහි කටයුතු සූදානම්ව තිබේ.

එහෙත් මෙලෙස නේක රසයෙන් යුත් මෙනේරි වලින් සැකසූ ආහාර භුක්ති විඳීමට හැකි වන්නේ ද ඉන්දියාවට පැමිණි නිසාම බව ඔවුන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!