Gossip

ජාත්‍යන්තර යෝගා දිනය අමෙරිකාවේදී…

ජාත්‍යන්තර යෝගා දිනය ජුනි මස 21 වනදාට යෙදී තිබේ.

මෙවර එහි ජාත්‍යන්තර උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අමේරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය ලබන 20 වන දා ආරම්භ වීමට නියමිතයි.

ඊට සමගාමීව ජාත්‍යන්තර යෝගා දිනය ද අමෙරිකාවේ පැවැත්වෙනු ඇති.

ඒ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා නායකත්වය දෙනු ඇති.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් එහි නියෝජිතයන් රැසක්ම මෙම ජාත්‍යන්තර යෝගා දින වැඩසටහන සඳහා සහභාගී වීමට සූදානමින් පසුවෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් අමිනා ජේ මොහොමඩ් සහ එහි සභාපති Csaba Korosi ද ප්‍රකාශ කර ඇත්තේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ජාත්‍යන්තර යෝගා දින සැමරුම් උළෙලට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!