Gossip

ක්‍රිකට් නිසා කාශ්මීරයේ ඉතිහාසය අළුත් වෙයි…

ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාවට නම් දැරූ රටයි.

ඒ සඳහා ඉන්දියාවේ කාන්තා පිරිමි භේදයක් නොමැත.

උතුරු කාශ්මීරයේ බැරමුල්ලා දිස්ත්‍රික්කයේ මනරම් නගරයක් වන ඩැන්ගිවාචා ද ඉකුත් දා ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඉතිහාසයට එක්විය.

ඊට හේතුවූයේ කාශ්මීරයේ ප්‍රථම කාන්තා ක්‍රිකට් ලීගය ඉකුත්දා පැවැත්වීමයි.

උතුරු කාශ්මීර කාන්තා ප්‍රිමියර් ලීගය’ සාමාන්‍ය ක්‍රීඩා ඉසව්වක් පමණක් නොවේ.

එය කාන්තා සවිබල ගැන්වීමේ ජයග්‍රහණයක් සංකේතවත් කරන් ලදී.

ඒ හරහා කාන්තාවන් නිවසට කොටු කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන් බිඳ දමා ඇත.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සමාන අවස්ථා ලබාදී ඔවුන් ජනප්‍රියත්වයට පත්කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ‘වී කෙයාර් පදනම’ යුද හමුදාව සමඟ එක්ව මෙම පෙරළිකාර තරගාවලිය සංවිධානය කර තිබුණි.

කාශ්මීරයේ විවිධ ප්‍රදේශවලින් කණ්ඩායම් දොළහක් නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් සහභාගී විය.

තරඟාවලිය තරඟ 15කින් සමන්විත වී තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!