Gossip

තැනිත් තැනට ගෙන යා හැකි ලෝකයේ ලාභදායීම බිත්තර රකින මැෂිම

උත්සහය සහ කැපවීම අතනොහැරීම හමුවේ ජීවිතය ජය ගත් නව යොවුන් තරුණයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඔහු නමින් Gowhar Ahmad Tantray.

16 හැවිරිදි වියේදී පාසැලේ 08 වන ශ්‍රේණියේ ඉගැනුම ලැබූ Gowhar, කුකුළු පාලනයේදී අත්‍යවශ්‍ය බිත්තර අසුරා තැබිය හැකි ජංගම ඉන්කියුබේටරයක් නිර්මාණය කිරීමට උත්සාහ කර තිබුණා.

එහෙත් විදුලිය සැපයීමේදි මතුවූ ගැටළු හේතුවෙන් සිය මෙහෙයුම සාර්ථක කර ගැනීමටට Gawhar ට හැකිවූයේ නැහැ.

එහෙත් එයින් නොනැවතුනු Gawhar ඉන් වසර හතරකට පසු, සිය ඉලක්කය වෙත ගොස් ලෝකයේ ලාභදායීම බිත්තර ඉන්කියුබේටරය නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

තමන් ආ ගමන් මාර්ගය දෙස නැවත හැරී බලමින් මතකය අවදි කරන Gowhar පවසන්නේ මෙම නිර්මාණ ක්‍රියාවලියේදී සිය පාසලෙන් ලද සහයෝගය මහත් ශක්තියක් වූ බවයි.

ඉන්කියුබේටරය නිර්මාණය කිරීමේදී බිත්තර සඳහා අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීමට හැකි වන පරිදි අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදුන්නේ පාසලෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Gowhar ගේ නව නිපැයුමේ පවතින විශේෂත්වය වන්නේ කුකුළු පාලනයේ නියුතු ඕනෑම අයෙකුට ලාබදායී මිලකට එම උපකරණය මිලදී ගත හැකි බවයි.

එහි එකවර රැකවරණය ලබාදිය හැකි බිත්තර සංඛ්‍යාව 400 ක්.

වෙළඳපලේ ඉන්කියුබේටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 50,000 සිට 80,000 දක්වා සහ ඊට වැඩි මිල ගණන් යටතේයි.

එහෙත් Gowhar, ඔහු විසින් නිර්මාණය කළ ඉන්කියුබේටරය රුපියල් 3,000ක් පමණ වන අඩු මුදලක් යටතේ අලෙවි කරනවා.

තමන් නිපදවූ ඉන්කියුබේටර් ඉතා ඉක්මනින් ඉන්දියාව පුරා වෙළඳපළවල් වෙත යොමු කරන බවත්, කුකුළු කර්මාන්තයට ප්‍රතිලාභ ලැබෙන පරිදි මහා පරිමාණයෙන් එම නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවත් Gowhar පවසයි.

එමෙන්ම විදුලි බලය නොමැතිව තමන් අත්විඳි අමිහිරි අත්දැකීම් පිළිබඳ මතකය අවදි කරන Gowhar පවසන්නේ විදුලි සැපයුම මත පමණක් පදනම් නොවී සූර්ය බලයෙන් ක්‍රියාකළ හැකි ඉන්කියුබේටරයක් නිර්මාණය කිරීම සිය ඉලක්කය බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!