Gossip

ශීත සෟතුවේ කාශ්මීරයට නැතිවම බැරි හරිසා

ශීත ඍතුව එළඹීමත් සමග කාශ්මීරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන බව ලෝකයට නොරහසක්.

සීත ඍතුව කාශ්මීරයේ නිවෙස්වලට පැමිණෙන්න විටම කාශ්මීර වැසියන් සිය ආහාර බදුන් සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවලින් පුරවා ලනු ලබයි.

එහිදී කොයි නිවසේත් නොවරදින ආහාරයක් වන්නේ “Harissa”.

හරිසා යනු රතු මිරිස් අඹරා සාදා ගනු ලබන සාම්ප්‍රදායික ආහාරයක්.

මේවනවිට කාශ්මීරය තුළ මුල්බැස තිබුන ද පර්‍යෙෂකයින්ට අනුව Harissa යනු ඉරානයට අයත් ආහාර වට්ටෝරුවක්.

පසුව එය කාශ්මීරයට ද සේන්දු වී තිබේ.

කාශ්මීර වැසියන් බොහෝවිට Harissa හදුන්වන්නේ Harissa Zafarani ලෙසයි.

කොහේ සිට පැමිණියත් මේවනවිට harissa යනු කාශ්මීරයේ මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවක්.

සීත ඍතුව ආරම්භ වී ඇති මේ කාලයේ කාශ්මීරයේ පැරණි ශ්‍රී නගර් තුළ Harissa නොමැති වෙළද සලක් නොමැති තරම්.

ඇතැම් පිරිස් උදෑසන 07 සිට Harissa මිලදී ගැනීමට කඩපිල් වෙත එක්ව සිටී.

ශරීරය උණුසුම් කරවන ආහාරයක් ලෙස සැලකෙන Harissa ඇතැම් කාශ්මීර වැසියන්ගේ දෛනික ආහාර වට්ටෝරුවේම කොටසක් වේ.

සීත ඍතුව පැමිණිය ද නැතුව ද ඔවුන් Harissa අත නොහරියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!