Gossip

මරණින් පසු යලි උපන් ඉබන් බතුතා?

ගවේෂණය කිරීමේ නොනිමි ආශාවකින් පෙළුණු ඩනිෂ් නබි කාශ්මීර නිම්නයේ සිය ගවේෂණ කටයුතු ආරම්භ කෙරුනේ තමන්ට ‘කාශ්මීරයේ ඉබ්න් බතුතා’ යන අනවර්ථ නාමයක් පටබැදෙනු ඇති බවට කිසිදු විටකත් නොසිතායි.

අප්‍රිකානු-යුරේසියාවේ රටවල සුප්‍රසිද්ධ ගවේෂකයා ලෙස නමක් දිනු ඉබන් බතුතාගේ අඩි පාරේ යමින් වයස අවුරුදු විසිගණන් වලදී ගවේශකයෙකු බවට ඩනිෂ් පත්ව තිබේ.

කාශ්මීරයේ සංචාරක ව්‍යාපාරය මීට පෙර ගුල්මාර්ග්, පහල්ගම්, සෝනාමාර්ග් සහ ඩල් ලේක් ඇතුළු තෝරාගත් සහ ජනප්‍රිය ස්ථාන කිහිපයකට පමණක් සීමාව තිබු බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ සැබෑ කාශ්මීරයේ සුන්දරත්වය ඇත්තේ එම නිම්නයේ පිහිටා ඇති ඉහළ කඳුකරයේ බවයි.

සටන්කාමීත්වයට ගොදුරු වීමට පෙර 1980 දශකයේ අග භාගයේ දක්වා මෙම මිටියාවතේ සුන්දරත්වය දැක බලා ගැනීමට පැමිණීමට යුරෝපයේ සිට ත්‍රාසජනක ගවේෂණයන් කිරීමට නැඹුරුකමක් දක්වන පිරිස් වලගේ වැඩි ඇල්මක් තිබු බවයි.

මේ වන විට කාශ්මීරයේ කිසිදු අයෙකු නොදුටු සහ නොගිය ස්ථාන සොයා තමන් ගමන් කරන බව පවසන ඩනිෂ් නබි එම ගමන් සහ තමන් ඇසින් දුටු දේ සිය යුටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කාශ්මීර නිම්නයේ පිහිටා තිබෙන Bandipora සංචාරයට ඉතා සුදුසු සහ එහි සුන්දරත්වය දුටුවන් ගේ සිත් බැඳ තබාගන්නා බවත් එහි යන ඕනෑම අයෙකුට ඇතිවන හැඟීම වචනයෙන් කිවනොහැකි වනු ඇති බවත් ඔහු ලෝකයාට පෙන්වා දෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ දෙනෙකුට කාශ්මීරයේ ඇති සැබෑ සුන්දරත්වය අමතකව ගොස් ඇතැයි කීම සාවද්‍ය බවයි ඩනීෂ් පවසන්නේ.

යම් පුද්ගලයෙකුට ඇවිදීම තුලින් ශාරීරිකව මෙන්ම මානසිකව ද ඇතිවන සුවය කිවනොහැකි බවත්, මේ හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය සම්පන්නභාවය ද විශාල බව ඩනිෂ් නබි සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!