Gossip

කාන්තාවන්ට පොදු නානකාමර තහනම් කෙරූ රටක්

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට උද්‍යාන, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නානකාමර භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රටේ සියලුම පොදු උද්‍යාන නැරඹීමට යාම තහනම් කරනු ලැබීය.

ෂරියා නීතියට පටහැනි බැවින් කාන්තාවන් සඳහා පොදු නානකාමර ද තහනම් කර ඇති බව තලේබාන් ප්‍රකාශකයකු පැවසීය.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය ට්විටර් පණිවුඩයක් මගින් විරෝධය පළ කර ඇති අතර ඇෆ්ගනිස්ථානුවන්ගේ සියලුම අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවත් විශේෂයෙන් කාන්තාවන්ට සියලු ආකාරයේ පොදු ජීවිතයට ප්‍රවේශය සහ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය හිමිවිය යුතු බවත් අවධාරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!