Gossip

සරත් සෟතුවේ ෆෝටෝ ෂූට්වලින් ඉතුරුණු ඉන්දියාවේ ප්‍රාන්තය

වසර පුරාවටම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපවතින කාශ්මීරයට සරත් ඍතුවේදී වැඩි ආකර්ශනයක් හිමි වෙයි.

දශක ගණනාවක් පුරා පැවැති කැළඹිලි සහගත තත්ත්වයන් සමනය වී කාශ්මීරයේ පවතින සාමකාමී පරිසරය වසර පුරාවටම සංචාරකයින් ඇදබැද තබා ගැනීමට සමත්ව තිබේ.

එහෙත් මෙවර සරත් ඍතුවේදී කාශ්මීරයේ පවතින ස්වභාව සෞන්දර්ය ඉන්දියාවේ තරුණ ආදරවන්තයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් දිනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම වාර්තා අනාවරණ කරන්නේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් සිය විවාහයේ පූර්ව රූගත කිරීම් සදහා මෙම සරත් ඍතුවේදී කාශ්මීරයට පැමිණෙන බවයි.

කාශ්මීරයේ පවතින මෝගල් අධිරාජ්‍ය පැවැති යුගයේ ඉදිකෙරුණු පෞඪ උරුමය රැගත් උද්‍යාන තරුණ තරුණියන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් තරුණ ආදරවන්තයින් මෙම සරත් ඍතුවේදී කාශ්මීරයේ උද්‍යාන වෙත පැමිණෙමින් සිටියි.

එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයින් මෙන්ම සංචාරකයින් ද සරත් ඍතුවේදී කාශ්මීරය වෙත වැඩි වශයෙන් ඇදී එයි.

එමෙන්ම කාශ්මීරයේ පවතින ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරය තරුණ ආධුනික කැමරා ශිල්පීන්ට ද සිය නිර්මාණාත්මක හැකියාවන් ඉස්මතු කිරීමට මහගු අවස්ථාවක් උදාකර දී තිබේ.

සිය මංගල්‍යයේ පූර්ව රූ ගත කිරීම් සදහා යුරෝපයට යාමට අපේක්ෂා කළත් අධික වියදම් දැරිමට සිදුවීම හේතුවෙන් ඇතැම් තරුණ පිරිස්වලට සිය බලාපොරොත්තු සඵල කර ගැනීමට අපහසු වෙයි.

එහෙත් සරත් ඍතුවේදී කාශ්මීරයේ පවතින ස්වභාව සුන්දරත්වය එවැනි තරුණ පිරිස් සදහා යුරෝපීය රටවල රූපරාමු මවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!