Gossip

ඉන්දියාවෙන් අමුතු කෝච්චියක්

ඉන්දියාවේ දුම්රිය ක්ෂේත්‍රයට නව තාක්ෂණය ගෙන ඒමට එරට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

ඒ අනුව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 – 26 කාලසීමාව වනවිට ඉන්දියාවට Tilting Train සේවාව හදුන්වා දෙන බවයි.

Tilting Train යනු සාමාන්‍ය රේල්පීලි මත වඩා වැඩි වේගයකින් ධාවනය කළ හැකි යාන්ත්‍රණයක් සහිත දුම්රිය සේවාවක්.

වැඩි වශයෙන් වංගු සහිත මාර්ගවල ගමන් කිරීමට හැකි තාක්ෂණය එම දුම්රිය සතු වෙයි.

ඒ අනුව 2025 වසර වනවිට එවැනි දුම්රිය 100 ධාවනයට එක් කිරීම සදහා සූදානම් බව ද ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මෙම ව්‍යාපෘතිය සදහා තාක්ෂණික හවුල්කරුවෙකු සමග සම්බන්ධ වී කටයුතු කරන බව ද ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ලොව රටවල් 11 ක පමණ Tilting Train සේවාව භාවිත කරයි.

එම රටවල් වන්නේ ඉතාලිය, පෘතුගාලය, ස්ලෝවේනියා, ෆින්ලන්තය, රුසියාව, චෙක් ජනරජය, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය, චීනය හා ජර්මනියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!