Gossip

2000 ක් එකවර කසාද බදිති…

ඉන්දීය උත්තර් ප්‍රදේශ් රජය මගින් ඉකුත් දා යුවල 2000 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව සමූහ විවාහ උත්සවයක් පැවැත්විය.

ඒ ඉන්දියාව තුළ ක්‍රියාත්මක “Samoohik Vivah” යෝජනා ක්‍රමය යටතේයි.

ළමා විවාහ සහ දෑවැද්ද සම්බන්ධයෙන් විවාහයේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු මෙන්ම අක්‍රමවත් විවාහයන් වැළැක්වීම මෙම විවාහ යෝජනා ක්‍රමයේ අරමුණක් වෙයි.

2017 වසරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආරම්භ කෙරෙනු මෙම විවාහ යෝජනා ක්‍රමයෙන් අපේක්ෂා කෙරෙන්නේ සමාජයේ සියලු ජනකොටස්වලට වෙනස්කම්වලට භාජනය නොවී ප්‍රතිලාභ ලබමින් ජීවත්වීමට හැකියාව සලසාදීමයි.

ඒ අනුව මූල්‍යමය වශයෙන් දුර්වල පවුල්වල ගැහැණු දරුවන් ගෞරවාන්විත ලෙස විවාහ දිවියට ඇතුළත් කිරීම මෙම සමූහ විවාහ යෝජනා ක්‍රමය යටතේ අපේක්ෂිතයි.

එම විවාහ යෝජනා ක්‍රමය යටතේ පළමුව පවුලක් වෙනුවෙන් රුපියල් 31,000 ක මුදලක් ලබා දුන් නමුත් මේවනවිට එම මුදල රුපියල් 51,000 දක්වා ඉහළ දමා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!