Gossip

ලොවක් කාශ්මීරය වෙත කැඳවන හිමෙන් වැසුනු අමුතු අවන්හල්…

කාශ්මීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධාන නවාතැනක් බවට මේවනවිට පත්ව ඇත්තේ Gulmarg කඳුකර නගරයයි.

Gulmarg හි හිමෙන් වැසුනු කඳුකරයේ පිහිටි ඉග්ලු අවන්හල් පෙර නොවූ විරූ පරිදි කාශ්මීරයට සංචාරකයින් ආකර්ශනය කර ගනිමින් සිටියි.

මෙම අපූරු නිර්මාණකරුවා වන්නේ Gulmarg හි Kolahoi Green Heights හෝටල් ජාලයයි.

ඉග්ලූ නිවාස ලෙස ඉදිකර ඇති මෙම අවන්හල් වීදුරු වැස්මකින් සමන්විතයි.

හිමෙන් වැසුනු කඳුමුඳුනේ සොබා අසිරිය විඳ ගනිමින් ආහාරපාන භුක්ති විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතී.

එලෙස පැමිණෙන බොහෝ පිරිස් වඩාත්ම ඇළුම් කරන්නේ මෙම ඉග්ලූ අවන්හල් තුළ සිට ඡායාරූප ලබාගැනීමටයි.

ඒ හරහා සුන්දර කාශ්මීරයේ ඔවුන්ගේ මතකාවර්ජන සිහිවටනයක් සේ රැඳී තිබෙනු ඇති.

Gulmarg හි පිහිටි මෙම ඊග්ලූ අවන්හලේ කළමනාකරු පවසන අන්දමට ෆින්ලන්තයේ දී ලද අත්දැකීමකට අනුව කාශ්මීරයේ මෙම ඉග්ලූ අවන්හල් පද්ධතිය ඉදි කර තිබේ.

කාශ්මීරයේ පිහිටි මෙම ඉග්ලූ අවන්හලක වරකට 8 දෙනෙකුට ආහාර භුක්ති විඳීමේ අවස්ථාව පවතී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!