Gossip

කාශ්මීරයේ මල්වලට ලොවපුරා වැඩි ඉල්ලුමක්…

කාශ්මීරයේ පවතින හිතකර දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එහි මල් වගාව දියුණු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ සදහා වන දැවැන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 39 ක මුදලක් අනුමත කර ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා නව පල් වගාවට සමගාමී නව ව්‍යාපාර 330 ක් ආරම්භ කිරීම රජයේ සැලසුමයි.

ඒ හරහා උත්පාදනය කිරීමට අපේක්ෂිත රැකියා සංඛ්‍යාව 2000 ක් පමණ වේ.

කාශ්මීරයේ රැකියා අපේක්ෂිත තරුණ ප්‍රජාවට එහිදී වැඩි අවස්ථාවක් හිමිවන අතර කාශ්මීර ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම ලගා කර ගැනීමය අපේක්ෂිත තවත් අරමුණක් වේ.

කාශ්මීරයේ පවතින කාලගුණ තත්ත්වය උසස් වර්ගයේ මල් වගාව සදහා ඉතා යෝග්‍ය වනවා.

කාශ්මීරයට සොබාදර්මයෙන්ම හිමිව ඇති රමණීය පරිසර පද්ධතිය හේතුවෙන් එහි වගා කරන උසස් තත්ත්වයේ එම මල් සදහා ලොව පුරා ඉල්ලුම පවතී.

කාශ්මීරයේ ඇති අලංකාර උද්‍යාන මේවනවිටත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය නවාතැන් ලෙස ප්‍රකටයි.

එබැවින් මල් වගාව දියුණු කිරීමෙන් කාශ්මීර ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කිරීමට මෙන්ම නව ව්‍යවසායකයින් මල් වගාව සදහා ආකර්ශනය ක්ර ගැනීම ප්‍රාන්ත රජයේ අපේක්ෂාව වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!