Gossip

කාශ්මීරයේ ජනතාව තුළ සුභසාධන ව්‍යාපෘති සඳහා ඉහළ උනන්දුවක්…

ජම්මු හා කාශ්මීරයේ ග්‍රාමීය සහ මායිම් ප්‍රදේශවල රජයේ මහජන සුබසාධන යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පුළුල් ලෙස මේදිනවල සිදු කෙරේ.

ඒ සඳහා දකුණු කාශ්මීරයේ තෙදින ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.

එහි එක් අදියරක් පැවැත්වුණේ ශ්‍රීනගර් හිදීයි.
මධ්‍යම සන්නිවේදන හා තොරතුරු කාර්යාංශය විසින් සංවිධාන කළ ප්‍රදර්ශනය සඳහා තරුණ තරුණියන් සිය ගණනක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රදර්ශනය හරහා දුරස්ථ, ග්‍රාමීය සහ මායිම් ප්‍රදේශවල ජනතාව රජයේ මහජන සුබසාධන යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සාර්ථක බවයි බලධාරීන් පැවසුවේ.

එවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා තරුණ ප්‍රජාව වැඩි වශයෙන් නැඹූරු වී සිටීම ප්‍රශංසනීය බවයි ශ්‍රීනගර් බලධාරින් පවසන්නේ.

සමාජය සවිබල ගැන්වීම සඳහා ජනතාව අවදි කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් රජය මෙවැනි වැඩසටහන් හරහා ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කරන බවත් ශ්‍රීනගර් බලධාරීන් සඳහන් කරයි.

ජම්මු සහ කාශ්මීරයේ මධ්‍යම යෝජනා ක්‍රමවල සාර්ථකත්වය මහජනයාගේ දැනුවත්භාවය මත රඳා පවතී.

එවැනි වැඩසටහන් සඳහා කාශ්මීර ජනතාව ඇති උනන්දුවෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් වඩා හොඳ අනාගතයක් ගොඩ නගා ගැනීමට උත්සහ කරන බවයි.

මෙම වැඩසටහනේදී රජයේ විවිධ යෝජනා ක්‍රම, විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කළ බව සඳහන්.

ඒ හරහා වූ ව්‍යාපෘති සඳහා සහභාගී වීමට ජනතාවට අවස්ථාව උදාකර දීමත්, ජනතාවගේ ජීවන තත්ත්වය නගවා සිටුවීමත් බලධාරීන් අපේක්ෂා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!