Gossip

තරුණයන්ට සරුවෙයි…

ජම්මු කාශ්මීරයේ තරුණ ප්‍රජාව බලගැන්වීමට රජය මගින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ හරහා කාශ්මීරයේ සිටින ලක්ෂ පහමාරක පමණ තරුණ ප්‍රජාව රැකියාවලින් බලගැන්වීම රජයේ අරමුණයි.

සුදුසුකම් අනුව රැකියා සඳහා යොමු කිරීමට අමතරව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහන ලබාදීම හා පුහුණුව ලබාදීම රජයේ මැදිහත්වීම මත සිදු කෙරේ.

මේ සඳහා මූල්‍ය ආයතන, මධ්‍යම රජය මෙන්ම ප්‍රාන්ත රජය ද පූර්ණ දායකත්වය දක්වන බව සඳහන්.

රජයේ මැදිහත්වීම මත ස්වයං රැකියා සඳහා තරුණ ප්‍රජාව පුහුණු කිරීමේදී නිෂ්පාදන, සේවා, වෙළඳ, ප්‍රවාහන, අත්කම් ක්ෂේත්‍රය මෙන්ම කෘෂිකර්මය ආශ්‍රිත සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවස්ථාවක් හිමි වනු ඇති.

ඒ හරහා රජයේ ප්‍රධාන අරමුණ වන්නේ ජම්මු කාශ්මීරයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය පහළ දැමීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!