Gossip

මනිපූර් ප්‍රාන්තයට පා පන්දුවෙන් ඓතිහාසික අවස්ථාවක්…

ඉන්දියාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නම් දැරූ ක්‍රීඩකයින් රැසක් දායාද කළ මනිපූර් ප්‍රාන්තය ඓතිහාසික අවස්ථාවකට සූදානම් වේ.

ඒ පළමුවරට ජාත්‍යන්තර පා පාපන්දු තරගාවලියකට නිල සත්කාරකත්වය ලබාදෙමින්.

තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාව, මියන්මාරය සහ කිරිගිස්තානය අතරයි.

රටවල් ත්‍රිත්වය අතර සුහද තරගාවලියක් ලෙස එය පැවැත්වෙනවා.

ලබන මාර්තු මස 22, 24 සහ 26 යන දිනවල මනිපූර් හිදී එම පා පන්දු තරග පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තරග පැවැත්වීම සඳහා තෝරා ගෙන ඇත්තේ මනිපූර් හි අගනුවර වන Imphal හි Khuman Lampak ක්‍රීඩාංගනයයි.

එහි ප්‍රේක්ෂකයන් 35,000 ක ධාරිතාවක් සඳහා ඉඩපහසුකම් පවතින බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය N Biren Singh පවසන්නේ මෙම තරගාවලිය ඉන්දීය පා පාපන්දු සම්මේලනය එම ප්‍රාන්තයට ලබාදුන් ඓතිහාසික අවස්ථාවක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!