Gossip

කාශ්මීර ගැහැණු දරුවන්ගේ අපූරු යෝජනාව…

ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්.

එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේදිනවල කාශ්මීරයට පවතින්නේ දැඩි හිමපතනයක්.

අධික හිමපතනය මධ්‍යයේ වුව ද කාශ්මීරයේ බුද්ගම් දිස්ත්‍රික්කයේ බීර්වා ප්‍රදේශයේ ගැහැණු ළමුන් ආත්මාරක්ෂක සටන් කලාවේ නිරත වන අයුරු දැක ගත හැකියි.

ඔවුන් පවසන්නේ කාලගුණය නිසා ක්‍රීඩාව අතහැරීමට තමන් සූදානම් නොමැති බවයි.

ආත්මාරක්ෂක සටන් කලාව පුහුණුවීම සඳහා තමන්ට තවමත් ගෘහස්ථ ක්‍රීඩාගාර පහසුකම් නොමැතිවුවත් හිම පතනය මධ්‍යයේ පුහුණුවීම් නැවැත්වීමට අපේක්ෂා නොකරන බව ඔවුන් පවසයි.

ක්‍රීඩාවෙන් සිය රට ජාත්‍යන්තර තලය වෙත ගෙන යාමටත් එයින් නොනැවතී ඔලිම්පික් පිටිය නියෝජනය කිරීමට මාවත සකස් කර ගැනීම සිය අරමුණ බව ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම මෙම ක්‍රීඩිකාවන් පවසන්නේ සියලු ගැහැණු ළමුන් සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කලාව පුහුණු කළ යුතු බවයි.

එය මත්ද්‍යව්‍ය හා සමාජ විරෝධී ක්‍රියාවලින් තමන්ව ඈත් කර තබනු ඇති බව ද ඔවුන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!