Gossip

නුදුරේදීම විවෘත වන උතුරු ඉන්දියාවේ විශාලතම සත්වෝද්‍යානය…

උතුරු ඉන්දියාවේ විශාලතම සත්වෝද්‍යානය අප්‍රේල් මාසයේදී සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතයි.

ඒ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ආසන්නයේ ඉදිකර ඇති එය “Jambu Zoo” ලෙස හඳුන්වයි.

අක්කර 150 ක පමණ වපසරියක පිහිටි සත්වෝද්‍යානයේ ඉදිකිරීමේ හා සංවර්ධන කටයුතු මේවනවිට අවසන් අදියරේ පවතින බව සත්වෝද්‍යාන බලධාරීන් පෙන්වා දෙයි.

මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලියාපදිංචි කටයුතු අවසන් කර එය පූර්ව සැලසුම්වලට අනුව විවෘත කෙරෙනු ඇති.

මෙම සත්වෝද්‍යානයේ ඉදිකිරීම් රැසක් සිදු කර ඇත්තේ ජම්මු කාශ්මීර යටිතල පහසුකම් සංවර්ධන මූල්‍ය සමාගම විසින් වීම විශේෂත්වයක්.

සත්වෝද්‍යානය තුළ සංචාරය කිරීම සඳහා සංචාරකයින් වෙනුවෙන් වාහන පහසුකම් ද සැපයීමට නියමිතයි.

හර්යානාහි කිඹුලන් වර්ග, වලසුන් හ චීටාවුන් ඇතුළු සතුන් රැසක් මෙම සත්වෝද්‍යානය තුළ දැක ගත හැකියි.

සත්වෝද්‍යානය තුළ දරුවන් සඳහාම වෙන්වූ රංග ශාලාවක් හා උද්‍යානයක් ද වන බව බලධාරීන් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!