Gossip

කුණු නැති රටක අරුමය මෙන්න…

භූතානයේ පාරෝ දිස්ත්‍රික්ක කසලවලින් තොර නගරයක් බවට පත් කිරීමේ මූලික පියවර මේවනවිටත් ක්‍රියාත්මකයි.

එහි කසල කළමාකරණ කමිටුව මගින් මේවනවිටත් ඒ සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉදිරි වසර කිහිපය ඇතුළත පාරෝ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් කසල සහ අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

පාලනාධිකාරිය විසින් කෙටුම්පත සම්මත කළ වහාම එය නීතියක් ලෙස දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවන බව පාරෝ දිස්ත්‍රික්කයේ කසල කළමනාකරණය කමිටුව පවසයි.

ඊට අනුව පාරෝ දිස්ත්‍රික්කයේ වැසියන් කසල හා අපද්‍රව්‍ය බැහැර කරන්නේ නම් ඒ සඳහා සුළු ගෙවීමක් සිදු කළ යුතු වෙයි.

එලෙස ලබා ගන්නා මුදල් ද කසල ශුන්‍ය වැඩසටහන සඳහා යෙදවීමටයි යෝජනා වී ඇත්තේ.

නීතිය රජයේ ආයතන තුළ තරයේ ක්‍රියාත්මක කරන බව පාරෝ දිස්ත්‍රික්කයේ කසල කළමනාකරණ කමිටුව පෙන්වා දෙයි.

පාරෝ දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය කමිටුව දිස්ත්‍රික්කයේ පරිසර නිලධාරීන්ගෙන් ද සමන්විත වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!