Gossip

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඉහළ සංචාරක ආකර්ෂණයක්.

ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවට අදාළව පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් හා උත්සව අවස්ථාවලට සමගාමීව ඊසානදිග ඉන්දියාව ප්‍රවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

එහිදී කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇසෑම් ප්‍රාන්තයයි.

G20 සමුළුවට සමගාමීව රටවල් 20 කින් පමණ විදේශීය නියෝජිතයන් 100 දෙනෙකුට අධික පිරිසක් මේවනවිටත් ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයට එක්වී ඇත.

ඔවුන් බ්‍රහ්මපුත්‍ර ගංඟාව තරණය කර එහි ඇසෑම් ප්‍රාන්‍තයේ සංස්කෘතියෙන් පොහොසත් උරුමයන් හා එහි සම්ප්‍රදාය අත්විඳීමින් සිටියි.

එහිදී ඔවුන්ට ඊසාන දිග ඉන්දියාව තුළ අතීතයේ සිය පැවතඑන සම්ප්‍රදායික සංගීතය, නර්ථන, රසවත් ආහාර පාන මෙන්ම සංස්කෘතික අංගයන් රසවිඳීමට මෙන්ම ගැමියන් සමග ඔවුන්ගේ අත්දැකීම බෙදාහදා ගැනීමට ද අවස්ථාව පවතී

ඇසෑම් හි සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංචාරකයින් සඳහාම වෙන්වූ විශේෂාංග රැසක් රාත්‍රී කාලයේදී සංවිධානය කර ඇත.

විනෝදය රැගත් එම සංස්කෘතික අංග ඇසෑම් ප්‍රාන්තයට ආවේණික වූ සංස්කෘතික හා සාම්ප්‍රදායිකත්වයෙන් පිරී පවතී.

එහිදී ඇසෑම් ප්‍රාන්තයටම ආවේණික වූ ආහාර රටා පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමටත් ඒවා රසවිඳීමටත් සංචාරකයින්ට අවස්ථාව පවතී.

සංචාරකයින් සඳහාම නිර්මාණය කර ඇති වාර්ගික විවිධත්වයෙන් යුත් ගම්මානය ඉහළ ප්‍රතිචාරයක් ඇති අත්දැකීම්වලින් පොහොසත් ස්ථානයක් බවට පත්ව ඇත.

ඇසෑම්හි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ ප්‍රාන්තයේ ජනජීවිතය හා ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය නගා සිටුවීමට එය කදිම අවස්ථාවක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!