Gossip

ඉන්දියාවේදී නිදහස භුක්ති විඳින ටිබෙට් වැසියෝ…

ටිබෙටයේ තරුණ කොංග්‍රසය ඉන්දියාවේදී නවදිල්ලි නුවරදී “නිදහසේ ප්‍රසංගයක්” සංවිධාන කර තිබිණි.

ඒ, ටිබෙටයේ නිදහස් දිනයට සමගාමීවයි.

චීන බලපෑම් මධ්‍යයේ වුවත් ටිබෙට් වැසියන් ලොව පුරා හෝ සිය නිදහස සොයා ගමන් කරමින් සිටියි.

13 වන දලෙයි ලාමා විසින් ටිබෙටයේ නිදහස ප්‍රකාශයට පත් කිරීමට ඉකුත් 13 වනදා වසර 110 ක් සම්පූර්ණ විය.

ඒ වෙනුවෙන් ටිබෙටයේ තරුණ කොංග්‍රසය විසින් නවදිල්ලියේ සංවිධාන කර තිබූ නිදහසේ ප්‍රසංගය ඔවුන් Rangzen ලෙස හඳුන්වයි.

එය ටිබෙටයට ආවේණික වූ සංස්කෘතික අංග රැසකින් සමන්විත වී තිබුණි.

ටිබෙට් වැසියන් රැසක් සිය නිදහස සැමරීම සඳහා නව දිල්ලියට එක්ව සිටි අතර ඔවුන් ගීත ගායනා කරමින් හා නර්තනයේ යෙදෙමින් එම ප්‍රසංගයට සහභාගී විය.

බොහෝ ඉදිරිපත් කිරීම් සඳහා තේමා වී තිබුණේ නිදහසයි.

ටිබෙටයේ තරුණ කොංග්‍රසය ලෝක ව්‍යාප්ත සංවිධානයක් වන අතර එහි සාමාජිකයින් 38,000 ක් පමණ සිටියි.

ටිබෙටයේ නිදහස වෙනුවෙන් ඔවුන් පොදු අරගලයක නිරත වී ක්‍රියා කරයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!