Gossip

කාශ්මීරයේ සංචාරක කර්මාන්තයේ වාර්තා ගත වර්ධනයක්…

ප්‍රාන්ත රජයේ සාර්ථක ප්‍රතිපත්ති හා ව්‍යාපෘති හමුවේ කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට හොඳ කලක් උදා වී ඇත.

පවතින හිතකර සමාජීය හා පාරිසරික සාධක හමුවේ කාශ්මීරය වෙත සංචාරක ආකර්ශනය ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ මුල් කාලය කාශ්මීරය හිමෙන් වැසී ගොස් ඇති අතර එහි අසිරිය විඳ ගැනීමට පැමිණෙන්නන් සංගීතය ප්‍රසංග හා සැණකෙළි අසිරිය විඳිමින් කාලය ගත කරයි.

ගතවූ 2022 වර්ෂයේ ද කාශ්මීරය සංචාරක කර්මාන්තයෙන් වාර්තාගත ආදායම් හිමිකර ගෙන තිබේ.

එම වර්ෂයේදී කාශ්මීරයට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 26 ක් පමණ වන බව වාර්තා වෙයි.

ඉකුත් දෙසැම්බර් මස මැද භාගය වනවිට ප්‍රාන්ත රජයට ඉන්දීය රුපියල් කෝටි 64,000 ක ආයෝජන යෝජනා ලැබී තිබේ.

ඉන් රුපියල් කෝටි 2,500 ක් මේවනවිටත් ප්‍රාන්ත රජයට ලැබී ඇත.

මෙම වසර අවසානයේදී එම ආයෝජන කෝටි 75,000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂිතයි.

කාශ්මීරයේ සංචාරයක කර්මාන්තය ප්‍රසාරණය වීමෙන් හුදෙක් වර්ධනය වන්නේ රජයේ ආදායම් මාර්ග පමණක් නොවේ.

එම කර්මාන්තයෙන් දිවිසරි කර ගන්නා කාශ්මීර වැසියන්ගේ ආදායම් මාර්ග ඉහළ යාම හා ජීවන තත්ත්වය උසස් වීම එහි අතුරු ඵල ලෙස හිමි වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!