Gossip

කාශ්මීර වැසියන්ගේ අළුත් බලාපොරොත්තුව…

ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ හරහා ප්‍රාන්තයේම ජනතාවගේ ජීවන ගැටළු විසඳෙනු ඇතැයි ජනතාව විශ්වාසය පළ කරයි.

ජම්මු කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ සලාල් හයිමානා ප්‍රදේශයේ ටොන් මිලියන 5.9 ක පමණ ලිතියම් නිධියක් පවතින බව ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුගිය දා අනාවරණය කළා.

එය ඉන්දියාව පුරා මෙන්ම ලොව පුරා ප්‍රකාෂයට පත්වීමත් සමග කාශ්මීර වැසියන් බලාපොරොත්තු රැසක් සමග ජීවත් වෙයි.

ඔවුන් පවසන්නේ මේ හරහා ඉදිරියේදී රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇති බවයි.

ඒ හරහා සිය රැකියා ගැටළු විසඳී ජීවන තත්ත්වය උසස් වනු ඇතැයි කාශ්මීර වැසියන් බලාපොරොත්තුවෙන් සිටියි.

කාශ්මීර වැසියන් විශ්වාස කරන්නේ මෙම ලිතියම් නිධිය සොයා ගැනීම ජනයාගේ වාසනාවක් බවයි.

එමගින් ඉදිරිය සුබ වනු ඇතැයි ඔවුන් සිතයි.

මීට පෙර ලිතියම් ලොව රටවලින් ඉන්දියාවට ආනයනය කළ ද මේවනවිට ඒවා සිය දිස්ත්‍රික්කය තුළම පවතින බව සලාල් වැසියන් පවසයි.

මෙම අවස්ථාව උදා කර ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු මධ්‍යම රජයට ස්තූතිය පළ කරන බව ද කාශ්මීර වැසියන් පවසයි.

ලිතියම් යනු මේවනවිට ලොව අත්‍යවශ්‍ය රසායනිකයක් වන අතර මෝටර් රථ, දුරකතන හා පරිගණක වල බැටරි සඳහා ලිතියම් භාවිත කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!