Gossip

සීත ඍතුව නිමා නොවුණු කාශ්මීරය…

සීත කාලය අවසන් වීමට ආසන්නව ඇතත් කාශ්මීරයේ ගුල්මාග් තවමත් සංචාරකයින්ගෙන් පිරී පවතී.

ගුල්මාග් යනු වසර පුරා සංචාරක ආකර්ශනය පවතින ප්‍රදේශයක්.

එහෙත් සීත කාලයේදී ගුල්මාග් හි පවතින සොබා සෞන්දර්ය විඳගැනීමට දෙස් විදෙස් සංචාරකයින් මහත් ඇල්මක් දක්වයි.

සීත කාලයේදී ගුල්මාග්ගි සුන්දර කඳු මුදුන් පමණක්ම නොවේ සමස්ථ මිටියාවතම හිමෙන් වැසී ඇත.

හිම ක්‍රීඩාවට ප්‍රියකරන බොහෝ දෙනා ගුල්මාග් හැර නොයයි.

මෙම ස්වාභාවික පිහිටීම නිසාම ගුල්මාග්ගි සංචාරක කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වෙයි.

ගුල්මාග් යනු සංචාරක පිරවරයකි.

ගුල්මාග් වැසියන් බොහෝ දෙනෙකු සංචාරක කර්මාන්තය සිය ආදායම් මාර්ගය බවට පත් කර ගෙන සිටියි.

සීත කාලය පුරාවට ගුල්මාග් සංචාරකයින්ගෙන් පිරී පවතින බැවින් ඔවුන්ගේ ආදායම් ඉහළ යයි.

මේ දිනවල ගුල්මාග්ගි සියළු සංචාරයක නවාතැන් සංචාරකයින්ගෙන් පිරී පවතී.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේදී ගුල්මාග් වෙත ඉතා හොඳ හිම පතනයක් වාර්තා වී ඇත.

ඇතැම් සංචාරකයින් පවසන්නේ ගුල්මාග්ගි පවතින්නේ අපේක්ෂා කළාට වඩා අලංකාර හා සුන්දර පරිසරයක් බවයි.

ජීවිතයේ වරක් හෝ ගුල්මාග් වෙත පැමිණිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!