Gossip

ඉන්දියාවේ ඩ්‍රෝන යානා බලඇණියක් කරළියට…

ආසියාවේ විශාලතම ගුවන් සංදර්ශනයට නම් දරා සිටින ඉන්දියාවේ “Aero India” ප්‍රදර්ශනය ඉකුත් දා Bengaluru හිදී සාර්ථකව පැවැත්වුණි.

මෙවර එම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව දේශීය නිෂ්පාදන රැසක් ද ඉදිරිපත් කර තිබුණා.

එහිදී වැඩි අවධානයක් ‍යොමුව තිබුණේ උපාය මාර්ගික ඔත්තු බැලීම් සහ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීයව නිපදවා වැඩිදියුණු කළ ඉන්දියාවේ ප්‍රථම නියමුවන් රහිත ඩ්‍රෝන යානය වන The Tapas – BH යානය ද ප්‍රසිද්ධ ප්‍රදර්ශනය සඳහා යොමු කර තිබීමයි.

මෙම ඩ්‍රෝන යානා මාදිලිය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් සංවර්ධනය කරන ලද්දක් බව ද වාර්තා වෙයි.

එයට අඩි 28,000 ක් පමණ වන ඉහළ අහසේ පැය 18 කට වඩා වැඩි කාලයක් මෙහෙයුම් කටයුතුවල නිරත විය හැකි බව ද වාර්තා වෙයි.

මේ අතර දේශීයව නිපදවූ තවත් එවැනි තවත් ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යානයක් නුදුරේදීම එළිදැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

එළඹෙන ජුනි – ජූලි කාලසීමාව වන විට එහි පළමු පියාසැරි පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ද විදෙස් වාර්තාවන්හි සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!