Gossip

ලෝකය එක්ක පවුල් කන්න ලෑස්ති අගමැති කියන කතාව…

ඉන්දියාව පසුගිය වසර කිහිපය තුළ ස්වයංපෝෂිත වූවා පමණක් නොව, පරාර්ථකාමී ජනකොටසක් ලෙස ද තහවුරු වී ඇතැයි ඉන්දීය අගමැති මෝදි පවසයි.

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක විපතකට පත්ව සිටින ඕනෑම ජන කොටසකට පළමුව සහය දක්වන්නා ඉන්දියාව බව ද ඔහු පවසා ඇත.

භූ කම්පනය හේතුවෙන් විපතට පත් තුර්කියේ සහ සිරියාවේ ජීවිතාරක්ෂක මෙහෙයුම්වල නිරත වී සිටි සහන කණ්ඩායම් ඉකුත්දා යළි පැමිණීමෙන් අනතුරුව ඔවුන් ඇගයීමට ලක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය මෝදි සහන කණ්ඩායම් දැක්වූ දායකත්වයට සිය ප්‍රශංසාව පළ කළ බව ද වාර්තා වෙයි.

තුර්කිය හෝ සිරියාව පමණක් නොව ඉන්දියාව මුළු ලෝකයම එකම පවුලක් ලෙස සලකන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඉන්දීය හමුදාව ආරක්ෂාව සැපයූවේ හුදෙක් යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන්ට පමණක් නොව එලෙස සිරවී සිටි බොහෝ පිරිසක් මුදා ගත් බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය සිහිපත් කරයි.

කොවිඩ් වසංගතයේදී පවා අසීරුතාවන්ට පත්ව සිටි සියළු ජාතීන් වෙනුවෙන් ඉන්දියාව ඖෂධ ලබාදුන් බව මෝදි පවසයි.

ලෝකයා තුළ ඉන්දියාව පිළිබඳ යහපත් සිතිවිල්ලක් ගොඩනැගී ඇත්තේ එබැවින් බව බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!