Gossip

ෆීජි රාජ්‍යයේ දරුවන්ට ජීවිතය දෙන සත්කාරක රෝහල…

සායි සංජීවනී ළමා රෝහල යනු ෆීජි රාජ්‍යයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකින් මෙහෙයවන විශාලතම ව්‍යාපෘතියයි.

දිළිඳු සහ අඩු අදායම්ලාභී පිරිස් සඳහා මෙම රෝහල හරහා නොමිලේ සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා සපයන සපයනු ලබයි.

එය ආරම්භ කරන ලද්දේ ප්‍රමුඛ දේශීය පුණ්‍යායතනයක් වන Sai Prema Foundation Fiji හි ව්‍යාපෘතියක් ලෙසයි.

මෙම රෝහල විශේෂ වන්නේ එබැවින්ම පමණක් නොවේ.

කුඩා කලදීම විවිධ රෝගාබාධ හේතුවෙන් සැත්කම්වලට භාජනය කළ යුතු එහෙත් මව්පියන්ට ඒ සඳහා පහසුකම් හෝ වත්කම් නොමැති මල් කැකුළුවලට යළි ජීවය ලබාදීම සායි සංජීවනී රෝහලෙන් සිදු කරයි.

ඉකුත්දා එම රෝහල සිය ගමන් මගේ තවත් සංධිස්ථානයක් පසු කළා.

ඒ, සරණක අවැසි දරුවෙකුගේ හෘද සැත්කමකට දායක වෙමින්.

ඒ, එම රෝහල මගින් සිදුකළ 100 වන හෘද රෝග සැත්කම බව සඳහන්.

රෝහලේ කටයුතු ඇගයීමට සහ ඔවුන්ගේ මහඟු සමාජ් සත්කාරය වෙනුවෙන් රජයේ නොම ද සහය ලබාදෙන බව ෆීජි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය Sitiveni Rabuka පවසයි.

ඒ ඉකුත්දා එම රෝහලේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්වූ අවස්ථාවේදීයි.

රෝහල මගින් දක්වන දායකත්වය ෆීජි රාජ්‍යයේ සෞඛ්‍ය පද්ධතියට ශක්‍තියක් බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!