Gossip

මනිපූර් ගිහින් පානිපූර් කන ඇමරිකානුවෝ…

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ.

මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං මේ බව ප්‍රකාශ කරමින් අනාවරණ කළේ එන ප්‍රාන්තයේ සංචාරක් ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් එම ආයෝජනයන් ගෙන එන බව අමෙරිකාව පවසා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිතයන් පිරිසක් සමග මේවනවිටත් සාකච්ඡා කර මූලික සැලසුම් සකස් කර ඇති බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රාන්තයේ රැකියා අවස්ථාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආජන්ටිනාව සහ පේරු රාජ්‍යය ඉදිරිපත් වී ඇති බව ද මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බිරෙන් සිං පවසයි.

ප්‍රාන්තයෙන් කාන්තා සෞඛ්‍ය සේවිකාවන් ගෙන්වා ගැනීම සඳහා එම රටවල් මනිපූර් රජයෙන් සහයෝගය ඉල්ලා ඇතැයි ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජපන් රජය සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව මනිපූර් ප්‍රාන්තයේ කාන්තා හෙදියන් රැසක් මේවනවිටත් ජපානයේ සේවයේ නිරත වී සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!