Gossip

ඉන්දු – ජපන් ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයේදී ඉන්දීය ගුවන් හමුදා නිලධාරිනියක් ඉතිහාස ගත වෙයි…

ඉන්දියාව සහ ජපානය මේදිනවල ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයකට් සූදානම් වෙමින් සිටී.

ඒ දෙරටේ ආර්ක්ෂක සබදතා ප්‍රවර්ධනය හා කලාපීය සහයෝගිතාව ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින්.

දෙරටේ ඒකාබද්ධ ගුවන් අභ්‍යාස මාලාවේ තොරතුරු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන තොරතුරු අතර තවත් සුවිශේෂී සිද්ධියක් වාර්තා වේ.

එනම් එවැනි අභ්‍යාසයකදී ඉන්දිය ගුවන් හමුදාව නියෝජනය කරමින් විදේශීය රටක පැවැත්වෙන ගුවන් මෙහෙයුමක් සදහා සහභාගී වන පළමු කාන්තා නිලධාරිනිය මෙම ගුවන් අභ්‍යාස මාලාව සදහා සහභාගී වීමයි.

එම ඓතිහාසික අවස්ථාව හිමිකර ගෙන ඇත්තේ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා ගුවන් නියමුවරියක වන අවානි චතුර්දේවි.

ඉන්දීය ගුවන් හමුදාවේ බලඝන නායක අවානි චතුර්දේවි ඉන්දු – ජපන් ඒකාබද්ධ ගුවන් අභ්‍යාස මාලාවේදී 30MKI වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් හසුරවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම ගුවන් අභ්‍යාස මාලාව ලබන 12 වන දා සිට 26 වනදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් හැසිරවූ පළමු ගුවන් නියමුවරිය ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ ද බලඝන නායක අවානි චතුර්දේවි යි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!