Gossip

ප්‍රංශය ගැන ඉන්දීය නාවික හමුදාව කියූ දේ…

ප්‍රංශයේ බැස්ටිල් දින පෙළපාලියට සහභාගී වීම වෘත්තීය දිවියේ වැදගත් අවස්ථාවක් බව ඉන්දීය නාවික හමුදාපති ප්‍රතීක් කුමාර් පවසා තිබේ.

එය ත්‍රිවිධ හමුදාවට පමණක් නොව සමස්ත ඉන්දියාවේ ජනතාවට ලද අවස්ථාවක් බව ඔහු පවසයි.

ඉන්දීය හා ප්‍රංශ හමුදා අතර ඓතිහාසික සබඳතා පවතින බව ද ඔහු පෙන්වා දී ඇත.

පළමු හා දෙවන ලෝක යුද්ධවලදී ඉන්දීයාව යුරෝපයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වී තිබූ මව ද ඔහු සිහිපත් කර තිබේ.

ඉකුත්දා පැවැති ප්‍රංශ බැස්ටිල් දිනය හෙවත් ජාතික දින සැමරුමේ ගෞරවනීය ආරාධිතයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වුණා.

අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් විශේෂ බලඇණිය ක්ද ප්‍රංශයට ගොස් තිබුණි.

ඒ බැස්ටිල් දිනයේදී ප්‍රංශ හමුදාව සිදු කළ හමුදා පෙළපාලියට සහභාගී වීම සඳහායි.

ප්‍රංශ ජාතික දිනයේදී ඉන්දියාවට හිමිවූ මෙම සුවිශේෂී අවස්ථාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!