Gossip

ඉන්දියාවට එන ප්‍රංශ සරසවි…

ප්‍රංශ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ ආයතන ඉන්දියාවේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා ප්‍රංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සිය ප්‍රංශ සංචාරය අතරතුරයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් පවසා ඇත්තේ 2030 වසර වන විට ප්‍රංශ සිසුන් 30,000ක් පමණ ඉන්දියාවට යැවීමට අවශ්‍ය බව ප්‍රංශයට අවශ්‍ය බවයි.

ප්‍රංශයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති තරුණ ඉන්දියානුවන් සඳහා ද හිතකර වීසා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය බව ප්‍රංශ ජනාධිපතිවරයා එහිඩී පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය නායක නරේන්ද්‍ර මෝදි සිය සතුට පළ කර තිබෙනවා

අගමැති මෝදි ද සතුට පළ කළ අතර ඉන්දියාව හා ප්‍රංශය ස්වභාවික හවුල්කරුවන් බව ද ඔහු පවසා තිබේ.

එමෙන්ම ප්‍රංශයේ දකුණු දිග Marseille නගරයේ නව ඉන්දීය කොන්සල් කාර්යාලයක්
විවෘත කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!