විශාලතම ඉන්දීය සංචාරයක සමුළුව මේදිනවල කොළඹදී පැවැත්වේ.
ඊට සමගාමීව ඉන්දීය සංචාරකයින් 700 ක පමණ පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේවනවිටත් ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන රටවල් ලැයිස්තුවේ මුල් පෙළෙහි ඉන්දියාව පසු වෙයි.
එවන් පසුබිමක් තුළයි ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සමුළුව ජූලි 6 සිට 9 දක්වා කොළඹදී පැවැත්වෙන්නේ.
මීට පෙර එම සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 19 සිට 22 දක්වායි.
එහෙත් රට තුල පැවැති නොසන්සුන්තා සහ ආර්ථික අර්බුද හේතුවෙන් එම සමුළුව කල් දමා තිබේ.
කලාපීය සංචාරක ජාලයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සමුළුව කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්.