Gossip

ටැන්සානියාවට යන ඉන්දියාවේ තාක්ෂණික දැනුම…

ඉන්දියාවේ මදුරාසි හි පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනයට අනුබද්ධ ආයතනයක් ටැන්සානියාවේ සැන්සිබාර් දූපතේ ඉදිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතී.

ඒ සඳහා දෙරට අතර ගිවිසුම් ද මේවනවිටත් අත්සන් කර තිබේ.

ඒ ඉකුත් දා සිදුකෙරුණු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ගේ ටැන්සානියා සංචාරය අතරතුර දීයි.

මදුරාසියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය ඉන්දියාවේ උසස් අධ්‍යාපනය සඳහා හොඳම ආයතනය ලෙස ප්‍රකටයි.

එය චෙන්නායි හි පිහිටි පොදු තාක්ෂණික හා පර්යේෂණ විශ්ව විද්‍යාලයක්.

දෙරට අතර අධ්‍යාපන සබඳතා ශක්තිමත් කිරීම සඳහා, ඉන්දියානු තාක්ෂණ ආයතනයක් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ටැන්සානියාවේ සැන්සිබාර් හිදී විවෘත වනු ඇති.

ඒ උපාධි අපේක්ෂකයින් 50 දෙනෙකු සහ ශාස්ත්‍රපති සිසුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟයි.

IIT Madras at Zanzibar නමින් නව IIT ශාඛාව නම් කිරීමට සැලසුම් කර තිබේ.

IIT Madras අනුබද්ධ ආයතන මේ වනවිට පවතින්නේ ලොව රටවල් දෙකකයි.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!