Gossip

කාශ්මීරයට වාර්තාගත සංචාරකයින් පිරිසක්…

කාශ්මීරයේ සංචාරක කර්මාන්තය මෙම වසරේ නව මාවතකට යොමුව තිබේ.

ඒ, ජාත්‍යන්තරය තුළ ඉන්දියාවේ කාර්යයභාරය හේතුවෙන්.

G20 සමුලුවේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාව ඊට සම්බන්ධ රැස්වීම් හා ජාත්‍යන්තර සමුළු රැසක් ඉන්දියාවේ දී සංවිධාන කර තිබේ.

ඒ අතර කාශ්මීරයට ද ප්‍රමුඛත්වයක් ලබා දී ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස G20 නියෝජිතයින්ගේ සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම ශ්‍රී නගර්හිදී සාර්ථකව පැවැත්වුණි.

ඒ, ඉකුත් මැයි 22 සිට මැයි 25 දක්වා දක්වායි.

එය ජම්මු සහ කාශ්මීරයේ සංචාරක ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ලෝකයේ බලවත්ම ආර්ථික හිමි රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වය දැකගත හැකි වූ මෙම සමුළුව ඉන්දියාවේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට පමණක් නොව කාශ්මීර කලාපයේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය සඳහා ද හේතු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මේ වසරේ මුල් මාස හය තුළ නිල සංඛ්‍යාලේඛනවලට අනුව විදේශීය සංචාරකයින් 15000 කට අධික පිරිසක් කාශ්මීරයට පැමිණ තිබේ.

එය පසුගිය වසරට වඩා සැලකිය යුතු වැඩිවීමක්.

එලෙස පැම්ණි පිරිස අතරින් බහුතරයක් යුරෝපීය රටවලින් පැමිණි සංචාරකයින් වන බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!