Gossip

ලොවම හඳුනන ඉන්දියාවේ සුවඳ…

ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය කාශ්මීරයේ ලැවෙන්ඩර් වගාව සම්බන්ධයෙන් ජනතාව සවිබල ගන්වමින් සිටියි.

දකුණු පුල්වාමා දිස්ත්‍රික්කයේ ලැවෙන්ඩර් වගාවෙහි නිරත කම්කරුවන් වෙනුවෙන් ඒ ඔස්සේ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබේ.

ජම්මු කාශ්මීරය ලැවෙන්ඩර් වගාවට සුදුසු දේශගිණික සාධකවලින් හෙබි අතර එම කලාපයේ වගා කරන ලැවෙන්ඩර් සඳහා පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

කාශ්මීරයේ වගා කරන ලැවෙන්ඩර් ඒවායෙහි පවතින සිත් ඇදගන්නාසුළු සුවඳ සහ නිෂ්පාදන සඳහා ඇති ගුණාත්මක භාවය හේතුවෙන් ලොවපුරා ප්‍රකටයි.

දේශීය ගොවීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඔවුන්ට තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දීමෙන් ලැවෙන්ඩර් වගාව පුල්වාමා හි කෘෂිකාර්මික කර්මාන්තයේ ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය
සමත් වී තිබේ.

මෙම මුලපිරීම කලාපය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පමණක් නොව ප්‍රාදේශීය ප්‍රජාවගේ සමස්ත සමාජ-ආර්ථික සංවර්ධනයට ද දායක වී ඇත.

පුල්වාමා හි ලැවෙන්ඩර් වගාබිම්වල සේවය කරන කම්කරුවන් ඔවුන්ගේ ජීවනෝපායන්හි සැලකිය යුතු දියුණුවක් අත්විඳිමින් සිටියි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මීට පෙර සීමිත ප්‍රතිලාභ ලබා දෙන සම්ප්‍රදායික ගොවිතැන් පිළිවෙත් මත විශ්වාසය තැබූවන් වුවත්, ලැවෙන්ඩර් වගාව හඳුන්වාදීමත් සමඟ ඔවුන්ට දැන් හොඳ වෙළඳපල මිලක් ලැබෙන ඉහළ වටිනාකමකින් යුත් බෝගයකට ප්‍රවේශය ලැබී ඇත.

ඒ හමුවේ පුල්වාමා හි ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස්වීමට ලැවෙන්ඩර් වගාව සාධනීය බලපෑමක් එල්ල කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!