Gossip

ඉන්දියාවේ නම ප්‍රංශයේදී බැබළවූ අගමැති…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ප්‍රංශයේ නිල සංචාරයක නිරත වී සිටියි.

ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ගේ ආරාධනයකට අනුවයි.

ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනය අදට යෙදී තිබෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ද ඊට සමගාමීවයි.

ප්‍රංශයේ සහ ඉන්දියාවේ වසර 25 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෝදි ගේ සහ මැක්රන්ගේ නායකත්වය යටතේ තවත් ශක්තිමත් වී ඇති බව පැවසීමට එය කදිම නිදසුනක් බව ජාත්‍යන්තර විචාරකයන් පවසයි.

කෙසේවෙතත් ප්‍රංශයට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රංශ රජයෙන් හිමිව ඇත්තේ ඉහළ පිලිගැනීමක්.

ඊයේ පස්වරුවේ ප්‍රංශයේ එලීසි මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන්ම පැවැති පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විය.

එය සංවිධාන කර තිබුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සහ ඔහුගේ බිරිඳ වන
බ්‍රිජිට් මැක්‍රොන් විසින්.

මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එහිදී ලෙජියන් ඔෆ් ඔනර් හි ග්‍රෑන්ඩ් ක්‍රොස් (Grand Cross of the Legion of Honour) ගෞරව සම්මානය ප්‍රදානය කළේය.

හමුදාවේ හෝ සිවිල් පුද්ගලයෙකු වෙනුවෙන් වූ ප්‍රංශයේ ඉහළම ගෞරවය එය වේ.

ඒ අනුව අගමැති මෝදි මෙම ගෞරවයට පාත්‍ර වූ පළමු ඉන්දීය අගමැතිවරයා බවටයි ඉතිහාසයට එක් වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!