Gossip

නායකයෙක් නිසා රටකට තෑගි…

ප්‍රංශයේ ශාස්ත්‍රපති උපාධියක් හදාරන ඉන්දියානු සිසුන්ට ප්‍රංශයෙන් කදිම අවස්ථාවක් හිමිව තිබේ.

ඒ ඔවුන්ගේ පශ්චාත් අධ්‍යයන වීසා බලපත්‍රය වසර 05 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමටයි.

දැනට ක්‍රියාත්මක වන පරිදි එම සිසුන්ට හිමිවන පශ්චාත් අධ්‍යයන වීසා බලපත්‍රය වලංගු වන්නේ වසර 02 ක් සඳහා පමණයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට සමගාමීව මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ පැරීසියේ LA Seine Musicale හි ඉන්දීය ප්‍රජාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කළ බවයි.

එහිදී රැස්ව සිටි ජනතාවගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ද හිමිව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!