Gossip

ප්‍රංශයට ගිය ඉන්දියාවේ තෑගි…

ඉකුත්දා පැවැති ප්‍රංශයේ බැස්ටිල් දින සැමරුමේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි.

නරෙන්ද්‍ර මෝදිට ප්‍රංශයේදී ඉහළම ගෞරවය හිමිවිය.

එමෙන්ම නරේන්ද්‍ර මෝදි ද සිය ප්‍රංශ සංචාරයේදී එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට තිළිණ කිරීමට ඉන්දියාවෙන් රැගෙන ගොස් ඇත්තේ වටිනාකමින් ඉහළ තෑගි බෝගයි.

එහිදී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රංශ ජනාධිපතිවරයාට තෑගි ලෙස පිරිනමා ඇත්තේ සිතාරයක අනුරුවක්.

එය ඉන්දියාවේ ඉතාම උසස් වර්ගයේ සඳුන් දැවයෙන් නිර්මාණය කල විවිධ කැටයම් මගින් අලංකාර කළ සිතාරයක්.

එලෙස නිර්මාණය කර ඇති කැටයම් අතර
දැනුම, සංගීතය, කලාව, ප්‍රඥාව සහ උගත්කමට අධිපති ලෙස දේවතාවිය ලෙස ජනතාව තුළ විශ්වාසය පවතින, සිතාරය (වීණාව) නැමැති සංගීත භාණ්ඩය දරා සිටින සරස්වතී දේවියගේ රූපය ද වනවා.

ඊට අමතරව ඝණ දෙවියන්ගේ රුවක් ද එහි කැටයමින් නිර්මාණය කර ඇතැයි සඳහන්.

ඊට අමතරව ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොණරා ද එහි කැටයමෙන් නිරූපණය කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියානු කලා සංස්කෘතියට අයත් මෝස්තර පිළිබිඹු කරන සංකීර්ණ කැටයම් වලින් එම සිතාරය අලංකාර කර තිබෙනු දැකිය හැකියි.

මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයාගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්රන්ටත් අග්‍රාමාත්‍ය මෝදි තිළිණ කර ඇත්තේ සඳුන් දැවයෙන් නිමැවූ අලංකාර මංජුසාවක බහාලූ ඉන්දියාවේ නිර්මාණය කරන මිල අධික සාරියක්.

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්නටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිරිනමා ඇත්තේ වටිනා කිරිගරුඬයෙන් කළ නිර්මාණයක්.

ප්‍රංශ සෙනෙට් සභික ජෙරාඩ් ලාර්චර්ට සඳුන් දැවයෙන් කැටයම් කළ අලියෙකුගේ අනුරුවක් ත්‍යාග ලෙස හිමිව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!