Gossip

කාශ්මීරයේ රෝහල්වලට නව තාක්ෂණය මගින් රුධිරය…

කාශ්මීරයේ තරුණයෙකු දුෂ්කර පළාත්වල රෝහල් වෙත හදිසි අවශ්‍යතා උපකරණ හා රුධිරය ප්‍රවාහනය කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දී තිබේ.

අබාන් හබීබ් වන ඔහු දුරස්ථභාවය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර වලට බාධා කරන මගහරවා ගැනීමට මෙන්ම සිය නම ඉතිහාසය තුළ සටහන් කරගත් දූරදර්ශී නව නිපැයුම්කරුවෙකි.

හබීබ් නිර්මාණය කර ඇත්තේ දුර බැහැර ප්‍රදේශවල පිහිටි රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාරවලට සහය දිය අසාමාන්‍ය ඩ්‍රෝන යානයක්.

එමගින් ඉක්මනින් ලගා වීමට අපහසු ග්‍රාමීය රෝහල් වෙත කඩිනමින් රුධිරය සැපයීමට හැකියාව ඇත.

මෙම ඩ්‍රෝන යානය දුරස්ථ ප්‍රාන්තවල රුධිර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙය හබීබ්ගේ දශකයකට ආසන්න කාලයක් පුරා දැරූ ප්‍රයත්නයකි.

ඔහු පැවසුවේ 2014 වසරේ සිට තමන් මෙම ඩ්‍රෝන යානය නිර්මාණය කිරීම සඳහා වෙහෙසෙන බවයි.

2014 වසරේදී බලපෑ දරුණු ගංවතුර හමුවේ රෝහල් අතර රුධිර සාම්පල ප්‍රවාහනය කිරීමට මතුවූ බාධා දැකීමෙන් අනතුරුව මෙවැනි නිර්මාණයක් හඳුන්වා දීමට සිතූ බව ද ඔහු පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!