Gossip

ඉන්දියාවේ තක්කාලි ගොවීන් සතුටින්…

ඉන්දියාවේ ජම්මු – කාශ්මීරයේ උදම්පූර්හි ගොවීන්ගේ ආදායම මේදිනවල සරුවී ඇත.

ඊට හේතුවී ඇත්තේ කාශ්මීරයේ රතු තක්කාලි මිල ඉහළ යාමයි.

එම ප්‍රදේශයේ තක්කාලි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150ක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි වී තිබේ.

එය ඓතිහාසික මිල ඉහළ යාමක් බව ද සඳහන්.

ඒ හමුවේ ඔවුන්ට අතිවිශාල ආදායමක් හිමිව ඇති අතර අනාගතය සඳහා සුභවාදී බලාපොරොත්තුවක් ද ලැබී ඇත.

මීට පෙර වෙළඳපල තුළ තක්කාලි මිල ගණන් සීග්‍රයෙන් පහළ ගොස් තිබේ.

ඒ, කාශ්මීරයේ ගොවීන් රතු තක්කාලි වගාවෙන් ඉවත් වීම හේතුවෙන්.

එහෙත් ගොවීන් යම් පිරිසක් එම වගාව අඛණ්ඩව සිදු කර ඇත.

ඒ අනුව කාශ්මීරයේ රතු තක්කාලි වෙළඳපලට සැපයුම පහත වැටීම සහ ඒවාට ඇති ඉල්ලුම ඉහළ යාම හමුවේ ගොවීන්ගේ ආදායම ඉහළ ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!