පසුගිය 19 වනදා සිට ලංකාවේත් ඊළ`ගට තමිල්නාඩුවේ සහ මේ වනවිට බංග්ලාදේශයේත් දහස් ගණන් විපතට පත් කරමින් සිටින ස්වාභාවික ව්‍යසනයට මුල්වූයේ රෝනු නමින් නම් කළ වාසුළි තත්වයයි. මෙමගින් මරණ 95 කට වැඩි ගණනක් වාර්තාවී මේ වනවිට ලෝකයේම අවධානය යොමුව පවතී.
එයට ‘රෝනු’ නමින් නම තබන්නට තීරණය කළේ බෙංගාල බොක්ක කලාපය භාර
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි.
සාමාන්‍යයෙන් විශාල බලපෑමක් ඇතිකරන වාසුළියකට නමක් තැබීම එය වාර්තා කිරීමේදී හා අනාගත විශ්ලේෂණයන්ට පහසුවන නිසා මේ ආකාරයට නම යෙදී ඇත.
මින් ඉහත 2006 වසරේදී උතුරු ඉන්දීය මුහුදු කලාපයේ වාසුළි හඳුන්වන්නට නම් යෝජනා වූ අවස්ථාවේ මාල දිවයින යෝජනා කළ ‘රෝනු’ යන නම මෙයට තෝරාගෙන ඇත. රෝනු යනුවෙන් මාල දිවයින් දිවෙහි බසින් ‘කොහු ලණුව‘ යන්නටයි.
මෙවර සුළිය ගමන් කළ ආකාරය විමසීමේදී ඇත්තටම එය කොහු ලණුවක් පරිද්දෙන් ඇඹරී ලංකාව ඉන්දියාව බංග්ලා දේශය හා ඊළඟට මියන්මාරයට යන්නට සූදානමින් සිටී. මේ ආකාරයට නම් තැබීම සඳහා මාලදිවයින පමණක් නොව ශ‍්‍රී ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශය, ඕමානය,මියන්මාරය,පකිස්තානය හා තායිලන්තයද විවිධ නම් යෝජනා කර තිබුණි.
ලංකාව යෝජනා කළ නම් අතර මාලා,රශ්මි,බන්දු,මහසෙන්,ප‍්‍රියා,ආසිරි,ගිගුම්,සෝබා ආදියද වෙයි.(මහසෙන් යන නම ගැන විවේචනයක්ද මතුවිය) ඒ අතුරින් මෙවර තෝරාගෙන තිබුනේ මාලදිවයින යෙදි රෝනු නමයි.
මෙතෙක් භාවිතයට ගත් හා අනාගතයට යොදන්නට අපේක්ෂාවෙන් සිටින එම යෝජිත නම් පහත පරිදිය