Gossip

ළමයි නොහදන පවුල්වලට චීනයෙන් කචල්…

උපත් අනුපාතය පහළ යාම හමුවේ චීනය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

ඒ හමුවේ චීනයේ ප්‍රාදේශීය බලධාරීන් මේ වනවිට දරු උපත් සම්බන්ධයෙන් එරට වැසියන්ට බලපෑම් එල්ල කරමින් සිටින බව ද වාර්තා වෙයි.

චීනයේ අලුත විවාහපත් කාන්තාවන් පවසන්නේ බලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි මානසික පීඩාවක් බවයි.

ඒ අනුව අලුත විවාහපත් අඹු සැමියන් සදහා චීන බලධාරීන් මේ වනවිට පවසන්නේ වසරක කාලයක් තුළදී දරු උපතක් සදහා සූදානම් වන ලෙසයි.

එමෙන්ම විවාහ වී සිටියදීත් දරු උපතක් සදහා සූදානම් නොවන්නේ මන්දැයි විමසමින් බලධාරීන් තමන්ට බලපෑම් එල්ල කරන බව චීනයේ අලුත විවාහපත් අඹු සැමියන් චෝදනා නගමින් සිටී.

එමෙන්ම ප්‍රාදේශීය බලධාරීන් විසින් අලුත විවාහ වූ කාන්තාවන් වෙත දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් ගැබ් ගෙන ඇත්දැයි විමසන බව ද වාර්තා වේ.

එමෙන්ම විටමින් වර්ග හා ඖෂධ වැනි දෑ භාවිත කිරීම සම්බන්ධයෙන් අලුත විවාහ වූ පවුල්වල කාන්තාවන් දැනුවත් කිරීමට ද චීනයේ ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින බව චීන වැසියන් පෙන්වා දෙයි.

ඒ හරහා චීනය උපත් අනුපාතය ඉහළ නැංවීමේ රහස්‍ය සැලසුමක නිරත වී සිටින බවත් උපත් අනුපාතය ඉහළ නැංවීම සදහා ප්‍රතිපත්ති ගෙන එන බවට චීන ජනාධිපති සී ජින්පින් ඉකුත් දා පැවැති කොංග්‍රස් සමුළුවේදී ප්‍රකාශ කර ඇති බවත් ජාතයන්තරය තුළ දැඩිව කතාබහට ලක්වෙමින් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!