Gossip

ලංකාව ගැන තුර්කි ඉංජිනේරුවරිය පුදුමවෙයි

cover

කොළඹ හා ඒ අවට සුපර් මාර්කට්වල අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවන තරමට අධික ලෙස පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ මිලට ගැනීම් මේ දිනවල සිදුවේ.

විපතට පත් අය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී එකිනෙකාට උදව් කරන අය දැකගන්නට ලැබීම ලාංකිකයන්ට පුරුදුය.

නමුත් එවැන්නක් දැකීමෙන් පුදුමයට පත්වූ කොළඹ සේවය කරන තුර්කි ජාතික ඉංජිනේරුවරියක සිය ෆේස් බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබෙනවා.

කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරන පිනර් ටන්කි නමැති
තුර්කි ජාතික ජීව රසායන ඉංජිනේරුවරියක වන ඇය මෙම ආපදාව වෙනුවෙන් සිය ආයතනයේ ආධාර වැඩසටහනකට භාණ්ඩ මිලට ගන්නට යුනියන් පෙදෙසේ ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැලට ගිය අවස්ථාවේ එහි තිබුණු දිගු පෝලිම් දැක පුදුමයට පත්ව තිබුණා.

එම පෝලිම් වල තුන් හතර දෙනෙකු හැරෙන්නට සියල්ලන්ම මේ ආකාරයේ ගංවතුර උවදුරින් විපතට පත්වූවන්ට ආධාර වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගන්නට පැමිණ ඇති අයුරු දැක ගන්නට ලැබුණු බව ඇය කියනවා.

සිය තුර්කි රට හා සසැඳීමේදී ලංකාවේ බහුතරයකගේ සාමාන්‍ය ආදායම අවම මට්ටමක පවතිද්දී මේ ආකාර උදව් කරන්නට ඔවුන් ඉදිරිපත්වීම ගැන ඇයට අදහාගන්නට බැරිව ගොස් ඇත.

මෙම අපූරු මිනිස් ගුණය දැක තම නෙතට කඳුළු ආ බවද ඇය පවසනවා.

ලංකාවේ මේ මනුස්සකම තමාට විශ්වාස කරන්නට බැරි බවත් තුර්කිය හෝ වෙනත් කිසියම්ම රටක මේ ආකාරයේ අත්දැකීමක් තමන්ට දැකගන්නට ලැබී නැති බවත් ඇය පවසා තිබෙනවා.

ඇගේ සම්පූර්ණ සටහන පහත පරිදිය.

111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!