Gossip

මහේල, සංගා, මුරලි අවතැන්වූවන්ට හොරෙන්ම උදව් කරලා!

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන තමා, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් සිය පදනම හරහා සිදුකළ බවත් එය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට මහේල, කුමාර් හා මුරලි උදව් කිරීම් පිළිබඳව තොරතුරු වාර්තා නොවූ අතර ඒ පිළිබඳව දිගින් දිගටම ඔවුන්ට සමාජ මාධ්‍ය හරහා විවේචන එල්ල විය.

කෙසේ වෙතත් ඔවුන් සිය පදනම් හරහා විපතට පත්වූවන්ට සහන සලසා ඇති අතර දිගින් දිගටම විපතට පත්වූවන්ට උදව් කරමින් සිටියි.

මහේල, සංගා හා මුරලි මීට ඉහතදී ඉන්දියාවේ චෙන්නායි නුවරට බලපෑ ගංවතුර වලින් විපතට පත්වූවන්ට අවශ්‍ය මුදල් උපකාර කරන ලද අතර ඒ පිළිබඳව කරුණු දක්වමින් සමාජ මාධ්‍ය හරහා මෙම ක්‍රීඩකයන්ට විවේචන එල්ල කළේ ඉන්දියාවට උදව් කළ අයුරින්ම ශ්‍රී ලංකාවට උදව් ශ්‍රී ලංකාව ගැනත් සිතන ලෙසයි.

කෙසේ වෙතත් මේ සඳහා ප්‍රතිචාර දක්වමින් මහේල පවසන්නේ මෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙයක් නොවන බවත් උදව් අවශ්‍ය පුද්ගලයිනට උදව් කරමින් සිටින බවත්ය.

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!