Gossip

එවරස්ට් තරණය කළ පළමු ලාංකික කත ජයන්ති කන්ද බහිද්දී යාළුවෝ මැරිලා

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ පළමු ශ‍්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පහල මෙනවිය පසුගිය 21 වනදා පෙරවරුවේ වාර්තා පොතට එක්වුණා.

නමුත් අවාසනාවන්ත ලෙස ඇය ඇතුළත්ව සිටි කණ්ඩායමේ දෙදෙනෙකු කන්ද තරණයෙන් පසු
නැවත පහළට බසිද්දී මිය ගොස් තිබුණා.

එවරස්ට් ශිකරයේ ඉහළින්ම පිහිටි කඳු නගින්නන්ගේ කඳවුර වෙත ගිය නෙදර්ලන්ත ජාතික පිරිමියෙකු සහ  ඕස්ටේ‍්‍රලියානු ජාතික කාන්තාව ඉහළ කදු මුදුනේ අධික ශීතල නිසා ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස මියගොස් තිබුණා.

මේ අවාසනාවන්ත ආරංචිය සමග නැවත කන්ද බැස්ස ජයන්ති කඳු තරණය ගැන ඇගේ විස්තර මාධ්‍ය වෙත ලබාදී තිබුණා.

ශ‍්‍රී ලාංකිකයකු වන යොහාන් පීරිස් සමඟ මෙම කඳු තරණයට එක්වූ ජයන්ති යොහාන්ට වඩා උඩට කන්ද නැගගත් අතර එවරස්ට් ශිකරයේ වේදිකාව ලෙස හැදින්වෙන ඉහළ තලයට එහා ඔහු ගියේ නැත.

යොහාන් කොන්ඩා මෝස්තර නිරූපණ ශිල්පියෙකි. ජයන්ති මීට පෙර මාධ්‍යවේදිනියක ලෙසද කටයුතු කර ඇත. ඇය මේ කාලයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ආයතනයක උපදේශිකාවක ලෙස සේවය කරන්නියකි. මින් ඉහත ටැන්සානියාවේ සහ නේපාලයේ කඳු තරණය කර ඇයට අත්දැකීම් ඇති බව කියැවේ.

එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 29029 ක් උසින් පිහිටා ඇත. එවරස්්ට් කන්ද තරණය කරන්නට ප‍්‍රථම ජයන්ති එහි පුහුණු කඳවරු වලටද සහභාගීවී අත්දැකීම් ලබාගෙන තිබෙන අතර කඳු තරණය සිදු කළේ ඉන් පසුවය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!