Gossip

යූ ටියුබ් තරුවක් වූ ට්‍රක් රථ රියදුරා‍…

රැකියාව සිය ඉදිරි ගමනට බධාවක් කර නොගෙන ජීවිතය දිනූ තරුණ ට්‍රක් රථ රියදුරෙකු පිළිබඳ පුවතක් කාශ්මීරයෙන් වාර්තා වෙයි.

ඔහු නමින් Shahnawaz Ahmad Bhat.

ට්‍රක් රථ රියදුරෙකු වුවත් සිය අපිරිමිත උත්සහය හමුවේ ඔහු මේවනවිට යූ ටියුබ් තරුවක් බවට පත්ව ඇත්තේ සිය වෘත්තිය ජීවිතයේ එදිනෙදා අත්දැකීම්,කම්කටොලු සහ අභියෝග අන්තර්ජාලය හරහා ලෝකයත් සමග බෙදා ගැනීම නිසයි.

කාශ්මීරයේ පාශ්පෝරා ගම්මානයේ උපත ලබා ඇති බාත්, කුඩා වියේදීම සිය පාසල් ගමන අතහරින්නේ පවුල වෙනුවෙන්.

ඉන් අනතුරුව ඔහු ශ්‍රීනගර්හි Dal Lake හි බෝට්ටුවක සේවය කරන බාත්, රුපියල් 2000 ක මාසික දිමනාවක් වෙනුවෙන් මාස 5 ක පමණ කාලයක් එහි රැකියාව කර ඇත.

අනතුරුව එම රැකියාව අතහරින බාත් සිය මාමාගේ බස් රථයක රිය සහායකයෙකු ලෙස සේවය අරඹා තිබේ.

අනතුරුව ශ්‍රීනගර්හි වෙලදසැල් කිහිපයකම සේවය කර ඇති ඔහු අනතුරුව බස් රථ රියදුරෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.

බාත් පවසන්නේ තමන් සුලු ගෙවීමක් සදහා කළ සියලු රැකියා සිය පවුල නඩත්තු කිරීම සදහා ප්‍රමාණවත් නොවූ බවයි.

එමෙන්ම එම රැකියාවන්ට ඉහළින් තමන්ට ජීවිතයේ සිහිනයක් ද තිබූ බව ඔහු මතකාවර්ජනය කරමින් පවසයි.

කෙසේවෙතත් අනතුරු ඔහුගේ ජීවිත කථාව වෙනස් වන්නේ වරක් ඔහු ශ්‍රීනගර් සිට ජම්මු දක්වා පැමිණි ගමනේදීයි.

එහිදී ඔහු අහඹු ලෙස තමන්ගේ සංගීතමය වීඩියෝ පටයක් සකසා එය YouTube වෙත මුදා හැර තිබුණා.

බාත් පවසන්නේ එම අවස්ථාවේදී ඔහුට YouTube සම්බන්ධයෙන් කිසිදු නැඹුරුවක් නොතිබූ බවයි.

එහෙත් වාසනාව අනුව මාස කිහිපයකින් අනතුරුව බාත් දකින්නේ තමන්ගේ වීඩියෝ පටය YouTube හරහා ප්‍රසිද්ධියට පත්ව ඇති බවයි.

ඊට ලක්ෂ 4 ක නැරඹුම් ප්‍රමාණයක් හිමිව තිබූ අතර ඒ හරහා Subscribe කර තිබූ ප්‍රමාණය 3600 ක්.

එයින් ලද පන්නරය සමගින් ඔහු 2019 වසරේදී YouTube සිය ප්‍රමුඛ ආදායම් මාර්ගය හා විනෝදාංශය බවට පත් කර ගන්නා අතර මේවනවිට Sethi Express නමැති ඔහුගේ YouTube ගිණුමේ Subscribers ප්‍රමාණය 173000 ක්.

මේවනවිට වෘත්තියෙන් ට්‍රක් රථ රියදුරෙකු වන බාත් සිය යූ ටියුබ් නාලිකාවට එක් කර ඇති වීඩියෝ ප්‍රමාණය 100 කට අධිකයි.

ඒවා මගින් ඔහු ලෝකයට පෙන්වන්නේ සිය වෘත්තිය දිවියේ රසමුසු අවස්ථා.

කාශ්මීරයේ සිට කන්‍යාකුමාරි දක්වා ට්‍රක් රථ පදවමින් සිය වෘත්තිය සිදු කරන බාත්, එහි අත්දැකීම් ලෝකයා සමග බෙදා ගනී.

මේවනවිට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත්ව සිටින බාත් සිය පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සහ වුවමනා ද අඩුපාඩු රහිතව සපුරනු ලබයි.

කෙසේවෙතත් බාත් පවසන්නේ සිය ජීවන ගමනේදී මුහුණ දෙන කටුක අත්දැකීම් අතහැරි පසු යලිත් ඒ දෙස හැරී නොබලන බව හා හීන පිටුපස පමණක් ඇවිද යන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!