Gossip

උඩු ගංබලා පිහිනූ කාශ්මීරයේ පළමු ත්‍රිරෝද රථ රියදුරුවරිය

ගෘහනියගේ භූමිකාවට සීමා නොවී සුක්කානමෙන් සිය පවුල රකිනා අපූරු කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ Jammu Nagrota ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඇය නමින් සීමා දේවි.

සීමා දේවිගේ ස්වාමියා විසින් කලකට පෙරදී වාරික වශයෙන් ගෙවීමේ පදනම මත ත්‍රී රෝද රථයක් මිලදී ගෙන තිබේ.

අනතුරුව සීමා දේවි ද සිය ස්වාමියාගෙන් ත්‍රීරෝද රථ රියදුරු පුහුණුව ලබා ගෙන තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස සීමා දේවී කාශ්මීර නිම්නයේ පළමු රික්ෂෝ පදවන්නිය වන අතර මේ වන විට ඇය වෘත්තිමය වශයෙන් ද දක්ශ රික්ෂෝ පදවන්නියක් වෙයි .

එමගින් ඇය මගීන් බොහෝ පිරිසක් සිය ගමනාන්ත වෙත ගෙන යනවා පමණක් ම නොව සිය පවුල නඩත්තු කිරීමට හැකි පරිදි අදායමක් උපයන ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කාන්තාවක්.

තමන් ආ ගමන ගෙන ආවර්ජණය කරන සීමා දේවි පවසන්නේ එය හුදෙක් මිහිරි අත්දැකිම් වලින් සපිරි මාවතක් නොවන බවයි.

සමාජීය මතවාද හා සම්මතයන් අභිභවා යමින් මේ දක්වා පැමිණි ගමන ඉතා දුෂ්කර බව සීමා දේවි පවසයි.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන සීමා දේවි සියලු අභියෝග ජයගෙන මේවන විට සිය පවුලේ සාමාජිකයින් සමග තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.

අසල්වැසියන්ගෙන් මෙන්ම මගීන්ගෙන් හිමිවන ප්‍රශංසා සිය ගමන් මාර්ගය තවත් ශක්තිමත් කරන බවද සීමා දේවි පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!