Gossip

කාන්තාවන්ට ගොඩ යන්න මෙන්න කරනවානම් වැඩ

ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා අවස්ථා උදාවී ඇත.

ඒ ඔස්සේ පුල්වාමා දිස්ත්‍රික්කයේ කාන්තාවන් රැසකට සිය පවුල්වල ආදයම වෙනුවෙන් වැඩි දායකයත්වයක් දැක්වීමට හැකි වී තිබේ.

ව්‍යාපෘතිය හරහා කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ස්වයං උපකාරක කණ්ඩායම් පත් කර තිබේ.

ගම්මාන කිහිපයක් නියෝජනය කරමින් කාන්තාවන් 300 ක පමණ පිරිසක් එක් කණ්ඩායමකට අයත් වෙයි.

ඔවුන්ට ස්වයං රැකියාවල නිරත වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ව්‍යාප්තිය මගින් සැපයේ.

ඒ අනුව කොටස් 03 කදී හිමිවන පරිදි රුපියල් 80,000 ක මුදලක් ප්‍රාග්ධනය වශයෙන් හිමිවෙයි.

ඉන් අනතුරුව ඔවුන්ට බැංකු ණය ලබාගැනීමේ පහසුකම හිමිවෙයි.

මෙම කණ්ඩායමේ සාමාජිකත්වය වෙනුවෙන් එක් කාන්තාවක් මසකට ගෙවිය යුතු වන්නේ රුපියල් 100 ක් වැනි මුදලක්.

මෙම පහසුකම යටතේ පුල්වාමා හි කාන්තාවන් බොහෝ දෙනෙකු ඇඟළුම්, සත්ත්ව පාලනය, මී මැසි ජනපද, රූපලාවන්‍ය, ටැක්සි රියදුරු සහ වෙළදාම වැනි ක්ෂේත්‍ර රැසක රැකියාවල නිරත වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!