Gossip

චීනයේ ආදරය දිනූ ඉන්දීය අගමැති…

චීනය සහ ඉන්දියාව ප්‍රතිවිරුද්ධ මතධාරින් ලෙස ප්‍රකටයි.

චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාපිළිවෙත සහ දේශසීමා අර්බුද මෙම තත්ත්වයට හේතු සාධක සපයා තිබේ.

චීන රජය කොයි මතයක් දැරුව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීන ජනතාව අතර අතිශය ජනප්‍රිය බව විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකාව පදනම් කර ගත් සඟරාවක් වන The Diplomat වාර්තා කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හට චීන ජනයා විසින් අන්වර්ථ නාමයක් ද ලබා දී ඇති බවයි.

ඒ අනුව චීන ජනතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව හඳුන්වනු ලබන්නේ “Modi Laoxian” ලෙස බව The Diplomat සඟරාව පවසයි.

එය “අමරණීය” යන අරුත දෙන බව ද පැවසෙයි.

ලොව රටවල අනෙකුත් නායකයින්ට සාපේක්ෂව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනස් නායකයෙකු වන බවත් ඔහු විශ්මයජනක පුද්ගලයෙකු බවත් චීන ජාතිකයන් සිතන බවයි The Diplomat හි දැක්වෙන ලිපියේ සඳහන්ව ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!